දේශීය

ශ්‍රීලංකා ජනපතිත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙයි

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය.

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුරේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතේ ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සටහනක් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අභාවය පිළිබඳව බ්‍රිතාන්‍ය රජ පවුල, රජය සහ ජනතාව වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.

Related posts

ස්ථාන මාරු ක්‍රමවේදයේ ගැටළුවකින් රෝහල් රැසක සේවා බිඳවැටීමේ අවධානමක්

Editor O

පැන්⁣ඩෝරා ලේඛන ගැන විමර්ශණ කරන්න – TISL

Mohamed Dilsad

කොවිඩ් මරණ 5 ක් – දෙදෙනෙක් බත්තරමුල්ලේ පදිංචිකරුවන්

Mohamed Dilsad

Leave a Comment