දේශීය

ජොන්ස්ටන්ට තවත් නඩුවකට අධිචෝදනා භාර දෙයි

(UTV | කොළඹ) – සමූපකාර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිභාහිරව සිය සේවකයන් දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අද (සැප්. 8) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ අධිචෝදනා භාර දුන්නේ ය.

ඒ අනුව, විත්තිකරුවන් තිදෙනා එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේ ය.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා එම ආයතනයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ශාකිර් යන විත්තිකරුවන්ට එලෙස අධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදු විය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස නියෝජනය කරමින් නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව ඊට මූලික විරෝධතාවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව විත්තිකරුවන් වෙනුවෙන් වෙනුවෙන් නීතිඥ නිරෝෂන් සිරිවර්ධන අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

මෙම නඩුව ගොනු කිරීමේදී චෝදනා විමර්ශනය කිරීම සඳහා අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතියක් ලැබී නොමැති බැවින් ඒ කරුණු සම්බන්ධව මූලික විරෝධතාවක් ලිඛිතව ඉදිරි දින ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවට නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

ඒ අනුව, මෙම නඩුව ගොනු කිරීම සම්බන්ධයෙන් විත්තියේ මූලික විරෝධතාව සඳහා ලිඛිත දේශන ගොනු කිරීමට ලබන නොවැම්බර් 1 දින නඩුව කැඳවීමට විනිසුරුවරයා නියම කළේ ය.

වර්ෂ 2014 ජනවාරි මස සිට දෙසැම්බර් මස අතර කාලය තුළ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිභාහිර ලෙස සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් පනතේ දූෂණය නමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.

Related posts

දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවු ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

තවත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 70,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment