විදෙස්

රටවල් 75ක මන්කිපොක්ස් පැතිරෙයි

(UTV | කොළඹ) – ඇමරිකාවෙන් මේ වනවිට වඳුරු උණ (මන්කිපොක්ස්) ආසාදිතයන් 3,800කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බව අනාවරණය කර තිබුණේ එරට රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානයය. මෙම තත්ත්වය හමුවේ රට තුළ සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනවාද යන්න සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බව ද සඳහන් වේ.

ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 18,000කට ආසන්නය. රටවල් 75කට ආසන්න සංඛ්‍යාවක මේ වනවිට මන්කිපොක්ස් වයිරසය පැතිරෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ඇමරිකාවට පසු වැඩිම සංඛ්‍යාවක් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙනි. එරටින් ආසාදිතයන් 3,100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ආසාදිතයන් සංඛ්‍යාව අතින් තුන්වැනි සහ හතරවැනි ස්ථානවල සිටින්නේ ජර්මනිය සහ එක්සත් රාජධානියය. එම රටවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යා පිළිවෙළින් 2,350ක් සහ 2,200කි.

ඇමරිකාව තුළ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් ඇති තත්ත්වය යටතේ එය මර්දනය කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මෙම කටයුතු ධවල මන්දිරයේ සිට අධීක්‍ෂණය කිරීම සඳහා විශේෂ සම්බන්ධීකරණ නිලධාරියකු පත් කිරීමට නියමිතය. රට තුළ මන්කිපොක්ස් එන්නත්වල හිඟයක් පවතින බවත්, වයිරස ව්‍යාප්තිය මර්දනය කිරීමේ කටයුතුවලට එය බලපා ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වනවිට කුඩා දරුවන් අතරින්ද රෝගීන් වාර්තා වී ඇති බව සඳහන්ය.

Related posts

මැලේසියානු රජු කිරුළ අත්හරී.

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයා හා රුසියානු නායකයා අතර හමුවක්

Mohamed Dilsad

ගුවන් අනතුරකින් 105 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment