ක්‍රීඩා

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අද සිට බර්මින්හැම්හිදී

(UTV |  එංගලන්තය) – 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම්හිදී අද ආරම්භ වනවා.

22 වැනි වරට මෙවර පැවැත්වෙන ක්‍රීඩා උළෙලට රටවල් 72 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් ඊට එක් වන අතර මලල ක්‍රීඩා, බර ඉසිලීම, කාන්තා ක්‍රිකට්, රග්බි, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික් සහ පිහිනුම් යන ක්‍රීඩා ඇතුළත්.

එංගලන්තය, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දරන තුන්වැනි අවස්ථාව මෙයයි.

Related posts

පාසල් ක්‍රීඩා වැඩසටහන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

සූරියවැවට ජාත්‍යන්තර තරඟ නොදෙන්නේ ඇයි? ක්‍රීඩා ඇමති කියන කතාව

Mohamed Dilsad

නිදහස් කුසලානයේ පළමු ජය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment