දේශීය

‘ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමුවිය යුතුයි’

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනවා.

එහි ආසියානු හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන් සඳහන් කර ඇත්තේ චීනය, ශ්‍රී ලංකාවේ විශාල ණය හිමියෙකු වන අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව, චීනය සමග ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතු බවය.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමග තාක්ෂණික සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.5 ක මූල්‍ය ණයක් අපේක්ෂා කරන අතරවාරයේයි මෙම අදහස් පළවන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වලට අනුව සංවර්ධන බැංකු ණය සහ මහ බැංකු හුවමාරුව ඇතුළුව මූල්‍යකරණ පහසුකම් සඳහා ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.5 කට අධික ණය මුදලක් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට ණය දෙන්නන් අතරින් වැඩිම ආයෝජනයක් සිදුකර ඇති රට වන්නේ ද චීනයයි.

Related posts

කෙතරම් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත් “පළමුව ජනතාව”-ජනපති

Mohamed Dilsad

ලක්මාලි හේමචන්ද්‍ර ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට පැමිණිල්ලක්

Editor O

ටින් මාලු සඳහා පාලන මිලක්

Editor O

Leave a Comment