දේශීය

සිවිල් පුරවැසියාට පයින් ගැසූ හමුදා නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක්

(UTV | කොළඹ) – කුරුණෑගල යක්ගහපිටිය ලංකා IOC ඉන්ධන පිරවුම්හලේදී ඊයේ (03) පස්වරුවේ යුද හමුදා නිලධාරියෙක් විසින් සිවිල් පුරවැසියෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ආයතනික මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ, එම සිවිල් පුරවැසියාට පහරදෙන හමුදා නිලධාරීයා සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි.

පිරවුම්හල අසළ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලුන්ට බාහිරින් පැමිණි පිරිසක් පරුෂ වචනයෙන් බැනවැදී ඇති අතර එහිදී එම පුද්ගලයෙක් පොලීසිය සහ හමුදා නිලධාරීන් විසින් රැගෙන එන අවස්ථාවේදී හමුදා නිලධාරියා පහරදීම සිදු කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව අදාළ හමුදා නිලධාරියාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ආයතනික මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කලහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනා රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක ගින්නක්

Mohamed Dilsad

ලිංගික අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉස්ලාම් බැතිමතුන් හෙට රාමසාන් උත්සවය සමරයි

Mohamed Dilsad

Leave a Comment