දේශීය

කොරෝනා වේගවත්

(UTV | කොළඹ) – කොරෝනා රෝග ලක්ෂණ ආසාදනය වී ඇති කුඩා දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

කැස්ස, උණ, හෙම්බිරිස්සාව සහ උඟුරේ වේදනාව පවතී නම් කුඩා දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දෙන ලෙසයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලීමක් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ යළි කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.

එමෙන්ම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළඳීම සහ සෞඛ්‍ය පුරුදු අනුගමනය, යළි සිදු කළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ද ප්‍රකාශ කළේ.

මේ අතර, ඊයේ ආසාදිතයින් 154 ක් මෙරටින් වාර්තා වුණා.

එමෙන්ම තවත් කොරෝනා මරණ 04ක් ද ඊයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Related posts

අර්ථවත් වෙ⁣ළඳ සහ ආරක්ෂක ගිවිසුම්” පිළිබඳ විනිවිද භාවයක් අවශ්‍යයි – නාමල් රාජපක්ෂ

Editor O

මරදානේ ගොඩනැගිල්ලක ගින්නක්

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කරයි.

Editor O

Leave a Comment