දේශීය

ඉදිරියේදී ඉන්ධන ලබාදීම සලාක ක්‍රමයට

(UTV | කොළඹ) – ඉදිරියේදී ප්‍රවාහන සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි ඉන්ධන ලබාදීමට සලාක ක්‍රමයක් හඳුන්වා දීමට අවධානය යොමු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සෑම ඉන්ධන පාරිභෝගිකයෙකුටම තම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වන ලෙස දැනුම් දීමට පියවර ගෙන ඇති බවයි.

‍ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ විධිමත්ව කරගෙන යෑමට, ඉන්ධන නිකුත් කරන සෑම ඩිපෝවක් සඳහා පෞද්ගලික බස් සංගම් නි‍යෝජිතයෙකු පත් කරන ලෙස අදාළ සංගම්වලට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

Related posts

ගිණුම්කරණ විෂයට පමණක් සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසරය

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

වාහන ගැන ආරංචියක්

Editor O

Leave a Comment