දේශීය

ගිණුම්කරණ විෂයට පමණක් සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසරය

(UTV |කොළඹ) – ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අතිරේක පහසුකමක් ලෙස සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබාදී තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසුවේ මෙම විෂය සදහා සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි බවයි.

රට තුළ මතුව පවත්නා තත්වය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි විභාග මධ්‍යස්ථාන 638 ක් ක්‍රියාත්මක වන බවද, එම මධ්‍යස්ථාන ඇතුළු දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථාන සඳහා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

 

Related posts

සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

එජාප නායකයාගෙන් ඇමරිකානු ජනාධිපතිට ලිපියක් [LETTER]

Mohamed Dilsad

මැයි 01 දා මත්පැන් අළෙවිසැල් වසා තැබීම පිළිබඳ දැනුම්දීමක්

Editor O

Leave a Comment