දේශීය

ඉදිරියේදී දරුණු ආර්ථික අවපාතයක් : ලෝක බැංකුව අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – ගෝලීය ආර්ථිකය දුර්වල වර්ධනයකට සහ ඉහළ උද්ධමනයකට මුහුණ දී සිටින බව ලෝක බැංකුව නිවේදනය නිකුත් කර ඇත.

ලෝක බැංකුව මෙම වසරේ ගෝලීය වර්ධන පුරෝකථනය 4.1% සිට 2.9% දක්වා අඩු කර ඇති අතර , බොහෝ රටවල් අවපාතයකට මුහුණ දීමට ඉඩ ඇති බවට අනතුරු අඟවනු ලබයි.

“යුක්රේනයේ යුද්ධය, ඉහල යන උද්ධමනය සහ ඉහල යන පොලී අනුපාත මධ්‍යයේ, ගෝලීය ආර්ථික වර්ධනය 2022 දී පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ” යනුවෙන් ලෝක බැංකුව නිවේදනය කළේය.

“අඩු සහ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයන් වෙත අස්ථාවර විය හැකි ප්‍රතිවිපාක සමග වසර ගණනාවක් සාමාන්‍යයට වඩා ඉහළ උද්ධමනය සහ සාමාන්‍යයට වඩා අඩු වර්ධනයක් සිදුවිය හැකියි. එය 1970 ගණන්වල සිට ලෝකය නොදුටු සංසිද්ධියක් හෙවත්, එකතැන පල්වීමක් සිදුවිය හැකියි.” ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් පවසන අන්දමට බොහෝ රටවල් සඳහා අවපාතය වළක්වා ගැනීම දුෂ්කර වනු ඇත.

Related posts

රුධිර පාරවිලන සේවාවද අඩාල වෙයි

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ ජනපති කොමිසමට

Mohamed Dilsad

නාවලපිටිය නගර සභාවේ සභාපති ධූරය ස්වාධීන කණ්ඩායමකට

Editor O

Leave a Comment