දේශීය

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කරන්න කැබිනට් සහ ආණ්ඩු මන්ත්‍රී රැස්වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් රැස්වීමක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

 

එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ලබන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බව වාර්තා වේ.

 

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතිය.

 

කැබිනට් රැස්වීමෙන් අනතුරුව පස්වරු 5.00ට පමණ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී අවධානය යොමුව ඇති බව ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසුවේය.

 

 

Related posts

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

කොරෝනා වැළඳී IDH සිටින තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment