දේශීය

තොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙක් මරුට

නාවලපිටිය පොලිස් වසමේ මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ ඊයේ (27) දහවල් කාලයේ අදාළ අනතුර සිදුව ඇති බවය.

 

සාරියකින් බැඳ තිබු තොටිල්ලක එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙකි.

 

නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

මෘත ශරීරය මේ වනවිට නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

 

 

Related posts

රනිල් ඇතුළු පිරිසකට සිතාසි නිකුත් කෙරේ

Mohamed Dilsad

සමාජ මාධ්‍යෙය් දැඩි විරෝධය ඉදිරියේ රු. 72000 මල්ටි ප්ලග් ටෙන්ඩරය අවලංගු කරයි

Editor O

හදිසි මැතිවරණයක් පැවැත්වීම සියලු කැපකිරීම් අපතේ යැවීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment