දේශීය

තොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙක් මරුට

නාවලපිටිය පොලිස් වසමේ මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ ඊයේ (27) දහවල් කාලයේ අදාළ අනතුර සිදුව ඇති බවය.

 

සාරියකින් බැඳ තිබු තොටිල්ලක එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙකි.

 

නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

මෘත ශරීරය මේ වනවිට නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

 

 

Related posts

නව ආසාදිතයින් 287 දෙනෙක්

Mohamed Dilsad

තුවාල සහිත කාන්තා මළ සිරුරක් රෝහලකින් හමුවෙයි

Mohamed Dilsad

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීමට අභ්‍යාස ආයතනයක්

Mohamed Dilsad

Leave a Comment