දේශීය

ලෝක කුසලානය කාටදැයි මුරලි කියයි

ලෝක කුසලාන තරග කාලසටහන ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙරට හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කියා සිටියේ මෙවර ලෝක කුසලානය ඉන්දියාව හෝ එංගලන්තය දිනා ගනු ඇති බවය.

 

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මුම්බායි නුවරදී ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

 

එම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් ද එක්වී සිටියේය.

 

කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා පැවැත්වීමට නියමිතය.

 

මූලික වටයේදී සියලු කණ්ඩායම් එක් එක් කණ්ඩායම් සමග තරග වැදීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 හිමි කරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

 

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සමාරම්භක තරගය 2019 ලෝක කුසලාන තරගාවලියේ ශූරයින් වූ එංගලන්තය සහ අනුශූරයින් වූ නවසීලන්තය අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

 

Related posts

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව

Mohamed Dilsad

කුසල් සමාව ඉල්ලයි

Mohamed Dilsad

“වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක්”

Mohamed Dilsad

Leave a Comment