දේශීය

දුම්රිය ගාස්තුත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අවම වශයෙන් බස් ගාස්තුව මෙන් භාගයක්වත් දුම්රියට අයකළ යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

ඉන්ධන මිල විශාල ලෙස වැඩිවී ඇති බවත් ඒ අනුව දුම්රිය ධාවනය කිරීම අපහසු තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

කොළඹ සිට යාපනයට සීඝ්‍රගාමී දුම්රියක් රාත්‍රියට ධාවනය කිරිම වෙනුවෙන් මේ වන විට අවධානය යොමුව ඇතත් ඒ සඳහා ඉන්ධන සඳහා පමණක් ලක්ෂ 13ක් වැය වන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මෙහිදී ආසන 500ක් සඳහා එක් මගියෙකුගෙන් රුපියල් 2000ක් අයකළත් ලැබෙන්නේ ලක්ෂ 10ක මුදලක් බවත් ඒ අනුව ලක්ෂ තුනක පමණ අලාභයක් දැරීමට සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

Related posts

විශ‍්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බඳවා ගනී

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ තීරණය අද

Mohamed Dilsad

සහල් හිඟයක් ?

Mohamed Dilsad

Leave a Comment