කලා

ජනප්‍රිය නළුවාගෙන් නිවේදකයාට කනේ පහරක්

(UTV | කොළඹ) – අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී දැන් පැවැත්වෙන ඔස්කා සම්මාන උළෙලේදි කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවිණි.

ඒ නිවේදක ක්‍රිස් රොක්ට සුපිරි නලු විල් ස්මිත් විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි.

රොක් විසින් ස්මිත් ගේ බිරිඳ වන ජාඩා පින්කට් ස්මිත් ට කළ විහිලුවක් හේතුවෙන් එම පහරදීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය මේ වනවිට හිසකෙස් හැලීමේ රෝගයකින් පීඩා විඳින අතර නිවේදකයා ඒ සම්බන්ධයෙන් විවිධ දේ පැවසීම විල් ස්මිත් ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස්විහිලු සඳහා තම බිරිඳ ඈඳා නොගන්නා ලෙසයි විල් ස්මිත් විසින් මෙහිදී අවධාරණය කර තිබුණේය.

රොක් කථාකරමින් සිටින අතර එකවරම වේදිකාවට යන විල් ස්මිත් රොක් ගේ කනට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

නැවත තම ආසනය වෙත පැමිණෙමින් ස්මිත් පවසා ඇත්තේ “මගේ බිරිඳගේ නම තමුසෙගෙ කටින් ඈත් කරනවා,” යනුවෙනි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය ජනප්‍රිය නළු විල් ස්මිත්ට හිමි විය.

Related posts

විවාහයෙන් පසුව සෝනම් එක්වන පළමු චිත්‍රපටය

Mohamed Dilsad

කංගනා හොඳම නිළිය වෙයි

Mohamed Dilsad

UTV, TikTok සමඟ එකතුව අළුත් වැඩක්

Mohamed Dilsad

Leave a Comment