දේශීය

ශ්‍රීලංකන් මොස්කව් යෑම නවතයි

(UTV | කොළඹ) – ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකරන ගුවන්ගමන් අද (28) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගුවන් සමාගමට පාලනය කළ නොහැකි හේතු නිසා එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම පැවසීය.

රුසියාවේ තත්ත්වය යථා තත්ත්වයට පත්වූ පසු නැවත එම මෙහෙයුම් ආරම්භකිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර සතියකට දෙවරක් ගුවන්ගමන් සිදුකළේය.

Related posts

ලබන වසරේ සිට රියදුරු බලපත‍්‍ර සකස් කිරීම යුධ හමුදාවට

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 01දා සිට

Editor O

ආසාදිතයින් 465දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment