දේශීයවිදෙස්

ගාසාහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක්

‍ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීම සඳහා අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

 

ඒ අනුව ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු රෆා පිවිසුම හරහා අද (02) දහවල් ඊජිප්තුවට ළඟාවනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේය.

 

ශ්‍රී ලාංකික පවුල් 03කට අයත් පුද්ගලයින් 17 දෙනෙකුට ඒ සඳහා අවසර හිමි ව තිබුණ ද ඉන් දෙදෙනෙකු පලස්තීනයේ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය.

 

“ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම කරන්න ඊජිප්තු තානාපති කාර්යාලය වගේම පලස්තීනයේ පිහිටි නියෝජිත කාර්යාලය අවශ්‍ය කටයුතු කරනවා. ඒ අනුව ඔවුන් සුරක්ෂිතව ඊජිප්තුව කරා ළඟාවීමට නියමිතයි. ඒ හැරුණු විට ඊශ්‍රායලයේ මේ වනවිට විශේෂ තත්ත්වයක් නෑ ශ්‍රී ලාංකිකයින් ගැන.”

 

මේ අතර අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා හමාස් ග්‍රහණයට පත්ව ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළ බව ද පැවසු ගාමිණි සෙනරත් යාපා මහතා, ඔහුව මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව ද පැවසීය.

 

ප්‍රහාරවලින් තුවාල ලැබුවන් සඳහා හා විදේශිකයින් සඳහා ඊජිප්තු ගාසා දේශ සීමාවේ පිහිටි රෆා පිවිසුම විවෘත කිරීමෙන් පසු මේ දක්වා 400ක පමණ පිරිසක් එම පිවිසුම හරහා ඊජීප්තුවට පැමිණ ඇති බව සඳහන්ය.

 

විදේශිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් 596 දෙනෙකුට එම පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීමට අවසර හිමිව ඇති බව වාර්තා වේ.

Related posts

සමථ මණ්ඩලවල බලතල වැඩි කිරීම පිළිබදව සොයා බැලීමට කමිටුවක්

Mohamed Dilsad

යුගදනවි ගිවිසුම ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

රන්ජන්ගේ දෙවැනි නඩුව කල්යයි

Mohamed Dilsad

Leave a Comment