දේශීය

තුවාල සහිත කාන්තා මළ සිරුරක් රෝහලකින් හමුවෙයි

සූරියවැව රෝහලේ සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී තිබේ.

 

ඊයේ (01) උදෑසන මේ පිළිබඳ එම රෝහලෙන් ලද තොරතුරක් මත සුරියවැව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

මෘත ශරීරය පරීක්ෂා කිරීමේදී දකුණු වැලමිට තුවාල වී ඇති බවත් දකුණු කනෙන් ලේ වහනය වී ඇති බවක් දක්නට ලැබුණු බවත් මෙය සැකකටයුතු මරණයක් බවත් පොලීසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධව සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

මේ අතර පොළොන්නරුව දුම්රියපොල අසල පිහිටි පොදු ළිඳෙහි පුද්ගලයෙකු වැටී මියගොස් ඇති බව පොළොන්නරුව පොලීසිය සඳහන් කරයි.

 

මරණකරුගේ අනන්‍යතාව මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ තැන්පත් කර ඇත.

Related posts

හිටපු ඇමති ටිරාන් අලස්ට දී තිබුණ විශේෂ කාර්යය බලකා ආරක්ෂාව ඉවත් කරයි

Editor O

විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක්

Editor O

ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

Mohamed Dilsad

Leave a Comment