කලා

කංගනා හොඳම නිළිය වෙයි

(UTV | ඉන්දියාව) – මීට දින කිහිපයකට පෙර පැවැති ‘ඉන්දීය ජාතික සිනමා’ සම්මාන උළලේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගැනීමට සුපිරි නිළි කංගනා රනවුත්ට හැකියාව ලැබී ඇත.   

ඇයට මෙම සම්මානය හිමිව ඇත්තේ ඇය පසුගිය වසරේ රංගනයෙන් දායක වූ ‘මනිකර්ණිකා’ හා ‘පන්ගා’ චිත්‍රපටවල කළ රංගනය හේතුවෙනි.

කංගනා මෙවර ‘ඉන්දීය ජාතික’ සම්මානයක් දිනගත්තේ තෙවැනි වතාවටය. මීට පෙර ඇය 2008 වසරේ ‘ෆැෂන්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසා එම වසරේ හොඳම සහය නිළිය ලෙසද, 2015 වසරේ ‘ක්වීන්’ චිත්‍රපටයේ කළ විශිෂ්ට රංගනය හේතුවෙන් එම වසරේ හොඳම නිළිය ලෙසද ජාතික සම්මාන දින ගැනීමට සමත්ව තිබුණි.

 

Related posts

ප්‍රියන්කාගේ අලුත්ම පෙම්වතා

Mohamed Dilsad

සෞම්‍ය ලියනගේ ගේ කථිකාචාර්ය ධුරය අහිමි වීමේ ඇත්ත කතාව

Mohamed Dilsad

රිතික්ගේ සුපර් 30 නෙදර්ලන්තයට

Mohamed Dilsad

Leave a Comment