කලා

ජනප්‍රිය නිළියක් ගඟට වැටී මරුට..

(UTV |  තායිලන්තය) – මිතුරන් කිහිප දෙනෙකු සමඟ බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් ගඟට වැටී දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 වියැති තායිලන්තයේ ජනප්‍රිය නිළියක වන නයිඩා පැච්රවීරපොංග් (Nida Patcharaveerapong)ය.

පසුගිය පෙබරවාරි 26 වැනිදා නයිඩා නිවාඩුවක් ගත කිරීම සදහා සිය මිතුරියන් පස්දෙනෙකු සහ ඇගේ කළමනාකරු සමග ස්පීඩ් බෝඩ් ක්‍රීඩාවේ නිරතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බැංකොක් හි Rama VII Bridge නමැති ගංගාවේ ක්‍රීඩාවේ නිරතව සිටියදි ඇය ගංගාවට ඇදවැටෙන විට ආරක්ෂිත කබායක්වත් පැළද නොසිටි බවට තොරතුරු වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තායිලන්ත සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද ජනප්‍රිය නිළියක වන නයිඩා ‘The Fallen Leaf (2019) නමැති නාට්‍යයෙන් ඉතා ජනාදරයට පත්විය.

නයිඩාගේ මව වන පනීඩා පොලීසියට පැමිණිලි කර ඇත්තේ යම්කිසි පුද්ගලයෙකු විසින් තම දියණියව ගඟට තල්ලු කර ඇති බවට සැකයක් ඇති බවයි.

Related posts

සල්මාන් ඛාන්ගෙන් ඉන්දීය පවුල් 70 කට නිවාස

Mohamed Dilsad

ඇමසන් ගිනි තැබූ බවට ලියනාඩෝට චෝදනා

Mohamed Dilsad

ජොනි ඩෙෆ්ගේ නවතම චිත්‍රපටය 2021 දී

Mohamed Dilsad

Leave a Comment