Trending News

අද සහ හෙට තවත් ඩීසල් නැව් 2ක් මෙරටට

(UTV | කොළඹ) – ඩීසල් රැගත් තවත් නෞකා 2 ක් අද සහ හෙට මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවේ, ඒ අතරින් එක් නෞකාවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 33,000 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7,000ක් ඇති බවයි.

අනෙක් නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 28,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන ඒමට නියමිත බව ‍‍ලේකම්වරිය සඳහන් කළාය.

අදාළ නෞකා සඳහා ණයවර ලිපි විවෘත කිරිමට කටයුතු කරමින් සිටින බව ඇය පැවසුවා ය.

බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, මෙරට සතුව මේ වන විට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිතයක් පවතින බවයි.

තවත් දැවි තෙල් තොග රැගත් නැව් දෙකක් ලබන 6 සහ 7 යන දිනයන්හි පැමිණිමට නියමිතව ඇතැයි, බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළා ය.

මේ අතර මෙරටට ඉන්ධන රැගෙන ආ කිසිදු නෞකාවක් ප්‍රතික්ෂේප වි නැතැයි, බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවේ, මෙතෙක් මෙරටට ආනයනය කරන ලද සියලු ඉන්ධන නෞකාවල සාම්පල නිසි පරීක්ෂණ ක්‍රමවේදයන් යටතේ සමත් වී ඇති බවයි.

ඛණිජ තෙල් සංස්ථාවෙන් ද මේ පිළිබඳ විමසිමක් කළ බවත්, කිසිදු සාම්පලයක් අසමත් වී නැති බව ඔවුන් ද තහවුරු කර ඇතැයි අමාත්‍යංශ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

Japan’s Government approves abdication bill

Mohamed Dilsad

Heavy traffic in Pettah

Mohamed Dilsad

Price of Nadu and Samba rice reduced

Mohamed Dilsad

Leave a Comment