දේශීය

අධිභාර පණතට EPF – ETF අයත් නැතැයි නීතිපති අධිකරණයට දන්වයි

(UTV | කොළඹ) – සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුලු අරමුදල් 13 ක් අධිභාර පණත් කෙටුම්පතට යටත් නොවන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පණත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කල විශේෂ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම පණත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

පෙත්සමේ වග උත්තකරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයාවයි.

Related posts

ජාතිවාදය-ආගම්වාදය ඉවත දමා ආර්ථිකය වෙනුවෙන් සහයෝගය දෙන්න – ජනාධිපති

Editor O

වර්ෂ අසූදහසකට වරක් දැකිය හැකි වල්ගා තරුව

Editor O

ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment