විදෙස්

පකිස්ථානයේ පෙට්‍රල්, ඩීසල් සහ විදුලි ගාස්තු පහළට

(UTV | ලාහෝර්) – පෙට්‍රල්, ඩීසල් සහ විදුලි ගාස්තු සඳහා මහජනතාවට සහනයක් ලබාදීමට පකිස්ථාන රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයකින් සඳහන් කළේ ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බවයි.

ඉන් කියැවෙන්නේ, පකිස්ථානයේ ෆෙඩරල් ආදායම් මණ්ඩලය (Federal Board of Revenue) පෙබරවාරි මාසයේ ආදායම පකිස්ථාන රුපියල් බිලියන 441ක ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව ය.

ඔහු සඳහන් කර ඇත්තේ, රජය ලැබූ එම වාර්තාගත ආදායම මගින් පෙට්‍රල්, ඩීසල් සහ විදුලිය සඳහා පකිස්ථාන ජනතාවට සහනාධාර ලබා දෙන බව ය.

ඒ හරහා පකිස්ථාන ජනතාවට සහනයක් සැලසීමට තමන් අපේක්ෂා කරන බව ඔහු පවසයි.

Related posts

ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට ඉරානය සැරසෙයි

Mohamed Dilsad

බෙල්ජියමේ වෙඩි තැබීමක්.තිදෙනෙකු මරුට

Mohamed Dilsad

පෙරු රාජ්‍යය උතුරු වෙරළ ආසන්නයේ භූකම්පනයක්

Editor O

Leave a Comment