ක්‍රීඩා

වනිදු හසරංගට ඉන්දීය තරග සංචාරය අහිමි වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිදු හසරංගට එළඹෙන ඉන්දීය සංචාරය අහිමිවන තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ කෝවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ඉවත් කෙරුණු වනිදු හසරංග සම්බන්ධයෙන් සිදුකළ නවතම රෝග පරීක්ෂාවේදී තහවුරු වී ඇත්තේ ඔහු තවමත් කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මිදී නොමැති බවයි.

මෙලෙස වෛරසයට ගොදුරු වීම හේතුවෙන් කණ්ඩායමේ ජෛව බුබුලෙන් ඉවත් කළ වනිදු හසරංග ඕස්ට්‍රේලියාව තුළ දී වෙනම රඳවා තිබූ අතර ඔහු තවමත් රැඳී සිටින්නේ එම හුදෙකලාවේමයි.

කෙසේ වෙතත් නැවත වතාවක් කොවිඩ් – 19 සම්බන්ධයෙන් සිදු කෙරුනු පරීක්ෂණ වලදී ඔහු සම්පූර්ණ සුවය ලබා නොමැති බව තහවුරු වීම හේතුවෙන් ඔහුට තවදුරටත් ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මේ අනුව හෙට (24) ආරම්භ වන ඉන්දීය තරග සංචාරය වනිදු හසරංග මගහැරී යනු ඇති.

Related posts

දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක්

Mohamed Dilsad

ධනංජයට ශල්‍ය කර්මයක් – T 20 තරඟාවලියත් අහිමි වෙයි

Mohamed Dilsad

සව්රවු ගංගුලි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට

Mohamed Dilsad

Leave a Comment