ක්‍රීඩා

ධනංජයට ශල්‍ය කර්මයක් – T 20 තරඟාවලියත් අහිමි වෙයි

(UTV | කොළඹ) –  පසුගියදා අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් පසු ධනංජය සිල්වා ආබාධයට ලක්විය. 

මේ හේතුවෙන් එළඹෙන T – 20 තරඟාවලිය ඔහුට අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් ප්‍රකාශ කරයි.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ අසන්ත ද මෙල් ,

“ධනංජයගේ අතේ ටික දවසක ඉඳන් පොඩි ගෙඩියක් ඇවිල්ලා තියෙනවා. ඒක තියාගෙන ඔහු ක්‍රීඩා කළත් යම් අවස්ථාවන්වලදී පන්දුවට පහර දෙනකොට එතනින් වේදනාවක් එනවා. කොදෙව් තරගයේදීත් එහෙම වුණා. ඉදිරියට එන එංගලන්ත සංචාරයෙදි ඔහු ගැන අවධානමක් ගන්න අපිට බැහැ. ඒ නිසා වෛද්‍යවරුන් කිව්වේ ඒ වෙනුවෙන් කළ යුතු ශල්‍යකර්මය ඉක්මනින්ම කරගන්න කියලා. ඒ නිසා අපි ඔහුට ඒ ශල්‍යකර්මය කරගන්න අවස්ථාව ලබා දුන්නා”

ධනංජය ද සිල්වාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත්, ඔහුට එළැඹෙන 19 වැනිදා එංගලන්තය සමඟ ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව කොදෙව්වන් සමග පැවති තුන්වන එක්දින තරගයේදී ආබාධයකට ගොදුරු වූ නුවන් ප්‍රදීප්ට සති 6 කට ආසන්න කාලයක් විවේක ගැනීමට සිදුව තිබේ.

ඔහු වෙනුවට පන්දුවාර 20 තරගාවලියට අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේය.

Related posts

ජාත්‍යන්තරයට ක්‍රිකට් පිති හදන මෙරට තරුණයා[PHOTO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

Mohamed Dilsad

ඉර්ෆාන් පඨන් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment