දේශීය

නෞකාවලින් මගීන් මෙරටට බැස්ස වීම අද සිට තහනම්

(UTV | කොළඹ) – මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ අද දිනයේ ද සුඛෝපභෝගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබූ බවයි.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව අද දින සිට මගී නෞකාවලින් මගීන් ගොඩබීමට බැස්සවීම තහනම් කර ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අගමැති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ තෙල් මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment