දේශීය

අදත් විදුලිය කැපේ

(UTV | කොළඹ) – ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 541ක ධාරිතාවක් අහිමි වන බැවින් අද දිනයේදී කාණ්ඩ 3ක් යටතේ පැය දෙක බැගින් සහ අනෙකුත් කාණ්ඩවලට පැය 3 බැගින් විදුලිය කප්පාදු කිරීමක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව A,B සහ C කාණ්ඩවලට පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලි සැපයුම අත්හිටවනු ඇති.

අනෙකුත් ඛාණ්ඩවලට එම කාලය තුළ පැය 3ක් විදුලිය අත්හිටු වනවා.

යළිත් වරක් මුළු දිවයිනම ආවරණය වන පරිදි විදුලිය කප්පාදු කිරීම ඊයේ සවස 4.30 සිට ආරම්භ වූ අතර, ඒ අනුව රාත්‍රී 10.30 දක්වා පැය 2ක කාලයක් කලාප වශයෙන් විදුලි කප්පාදුව සිදු කෙරුණා.

Related posts

වෛද්‍ය චමල් සංජීවට සමගි ජන බලවේගයේ තනතුරක්

Editor O

මධ්‍යම , නැගෙනහිර සහ දකුණු පළාතේ උපකාරක පන්ති අත්හිටුවයි

Mohamed Dilsad

වන්දනා ගමන් චාරිකා අත්හිටුවන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment