විදෙස්

දකුණු කොරියා ජනපතිට නිදහස

(UTV |  දකුණු කොරියාව) – දූෂණ චෝදනා සමග දෝෂාභියෝගයට ලක්වීමෙන් පසු සිය ධුරයෙන් නෙරපා හැර වසර හතරකුත් මාස 9ක් සිරගතව සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනී පාර්ක් ග්වෙන්-හයි වත්මන් ජනාධිපති සමාව යටතේ නිදහස ලබා තිබේ.

69 හැවිරිදි වියේ පසුවූ හිටපු ජනපතිනී පාර්ක් 2017 මාර්තු මාසයේ සිට වසර 22ක ඒකාබද්ධ සිර දඬුවමක් විඳ ඇත්තේ දූෂණ චෝදනා සහ සිය සමීප මිතුරියක සමග එක්ව එරට ප්‍රමුඛ සමාගම් කිහිපයක් වෙත බලපෑම් කර මුදල් ලබාගෙන ඇති බවට චෝදනා ලබා දොෂාභියෝගයකට ලක්ව සිය තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුවය.

පසුගිය සතියේ ජනාධිපති මූන් ජේ-ඉන් නව වසර සඳහා ඔහුගේ විශේෂ සමාවේ කොටසක් ලෙස පාර්ක්ට සමාව දීමට තීරණය කළේය. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම සැලකිල්ලට ගෙන ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස මෙම තීරණය ගත් බව වත්මන් දකුණු කොරියානු රජය පවසයි.

පාර්ක් කොන්දේ, උරහිස් සහ වෙනත් රෝග මාලාවක් සඳහා සෝල් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. මධ්‍යම රාත්‍රියේ රෝහලේදී ඇයට සමාව දීමේ සහතිකයක් ලැබුණු අතර, පෙබරවාරි මුල දක්වා ඇය එම රෝහලේම රැඳී සිටීමට අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනියට රජයේ ආරක්‍ෂාව සපයනු ලබන නමුත් විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ පෞද්ගලික ලේකම්වරුන් සඳහා විශේෂ විශ්‍රාම වැටුප් ලබාදීම වැනි හිටපු ජනාධිපති වරප්‍රසාදවලට යටත් නොවේ.

ඇයගේ දේපළ රාජසන්තකයේ කොටසක් ලෙස දකුණු සෝල් හි පිහිටි පාර්ක්ගේ පෞද්ගලික නිවස වෙන්දේසි කර ඇති බැවින් රෝහලෙන් පිටව ගිය පසු ඇය රැඳී සිටින්නේ කොතැනද යන්න තවමත් පැහැදිලි නැත.

Related posts

හිටපු හොංකොං නායකයෙකුට වසර එකහමාරක සිරදඩුවම්

Mohamed Dilsad

ඉරාක අගමැතිව ඉලක්ක කර ගුවනින් ප්‍රහාරයක්

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment