කලා

සරාගී කිම් හිටපු සැමියා යළි එකතු වෙන්න අවශ්‍ය බව කියයි

(UTV | කොළඹ) – නිරුවත් වෙන්න වගේම කැමරාව ඉදිරියේ අඩනිරුවත් වෙන්න දෙපාරක් හිතන්නේ නැති 41 හැවිරිදි Kim Kardashian රැප් ගායක Kanye West එක්ක විවාහ වෙන්නේ 2014 වර්ෂයේ. දැන් මේ දෙන්නා දික්කසාද වෙන්න නඩුවක් ගොනු කරලා තියෙනවා.

පසුගියදා කිම්ගේ සැමියාගෙන් අධිකරණය කරුණු ගොනු කිරීමේදී ඔහු අතින් වැරදි සිදුව ඇති බවට පිළිගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. කොහොම නමුත් දික්කසාද වීමට තීරණය කර මාස ගණනාවකට පසුව ඔහුගේ වැරදි ඔහුට තේරුම් ගිය බවත් එහිදී කිම් වැරදි නැති බවත් පෙන්වා දී තිබෙනවා. තමන්ගේ දික්කසාදය සමඟ ඔවුන්ට ආදරේ කරන පවුල්වලට එය වැරදි ආදර්ශයක් වෙන බවත් එහිදී ඔහු පෙන්වා දෙනවා. කොහොම නමුත් මේ වෙද්දී කිම් නම් පෙම්වතියක්.

ඒ ඇමරිකානු විකට රංගන ශිල්පී Pete Davidson එක්ක. එය රහසක් විදිහට තිබුනත් මේ දෙන්නා දැන් ප්‍රසිද්ධියේම ආදරේ කරන්න පටන් අරගෙන. එය Kanye West වේදනාවක් ගෙන දෙන්නක් බවත් ඔහු කියා තිබෙනවා. අවුරුදු 13ක් බාල තරුණයෙකුට පෙම් කරන තම හිටපු බිරිඳ සමඟ යළිත් පවුල් කෑමට හැකියාවක් ලැබුණොත් එය වාසනාවක් බව ඔහු කියා තිබෙනවා. නැවත එක්වීමට හැකි නම් හෝ ඊට කිම් කැමති නම් ඔහු වඩාත් සතුටු වන බවත් ඔහු අධිකරණයට කරුණු ගොනු කරමින් කියා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ වගේම Kanye West ඔහුගේ දැවැන්ත Wyoming ගොවිපල ඩොලර් මිලියන 11 කට විකුණා දමා ඇති බවත් සඳහන්. එය විශාල පාඩුවක් බවයි කියන්නේ.

Related posts

අලුත් පෙම්වතිය සමග රඟපාන රිතික් රෝෂන්

Mohamed Dilsad

අල්ලූ අර්ජුන්ටත් කොරෝනා

Mohamed Dilsad

මොහොමඩ් අශ්ෆාක්ගේ නවතම කෙටි චිත්‍රපටය එළි දැක්වේ

Mohamed Dilsad

Leave a Comment