කලා

ශාරුක් ඛාන්ගේ මීළඟ චිත්‍රපටය පිළිබඳ ඉඟියක්

(UTV | ඉන්දියාව) – බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ශාරුක් ඛාන් මීළඟට සිය දායකත්වය ලබාදෙන ඉඟි පිළිබඳව බොලිවුඩයෙන් තොරතුරු වාර්තා වෙයි.

එය හාස්‍යමය චිත්‍රපටයක් බවටයි වාර්තා වන්නේ.

ඉහළ ආදායම් උපයාගත් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ රාජ්කුමාර් හිරුණි විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත.

ශාරුක් 1990 හා 2000 දශකය තුළ බොහෝ හාස්‍යමය චිත්‍රපටවල රංගනයෙන් දායක වුවද එතැන් සිට මේ දක්වා එවැනි හාස්‍යමය චිත්‍රපටයකට සම්බන්ධ නොවී ඇත.

සිනමා විචාරකයින් පවසන්නේ ෂාරුක් නැවතත් හාස්‍යමය චිත්‍රපටයකට යොමුවීම ඉතා හොඳ තිරණයක් බවයි.

1992 වසරේ තිරගත වුණු දීවානා චිත්‍රපටයෙන් සිනමා ජීවිතය ආරම්භ කළ ශාරුක් ඛාන් බාසිගර් , කුච් කුච් හෝතාහේ , කල් හෝ නා හෝ , වීර්සාරා ,මයි නේම් ඊස් ඛාන් , දිල්වාලේ දුල්හනියා ලේජායිංගේ වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය ලබාදුන්නේය.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණයෙන්, ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවරයින් කොටසකට වන්දි ගෙවා අවසන් – ජනාධිපති

Editor O

ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන් දකුණු ඉන්දීය සිනමාවට

Mohamed Dilsad

වාර්තා ගත ආදායමක් ඉපැයූ Once Upon a Time In Hollywood

Mohamed Dilsad

Leave a Comment