දේශීය

විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

(UTV | කොළඹ) – දෙසැම්බර් 8 වන දින දිවයින පුරා සිටින සියලු විදුලි සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, ආණ්ඩුව විසින් රාජ්‍ය දේපල විදෙස්රටවලට විකිණීමට විරෝධය පළ කරමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවය.

මේ සඳහා ඛනිජ තෙල් සහ වරාය සේවකයින් ද සහයෝගය ලබාදෙන බව රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

“පසුගිය 3 වනදා ආයතන 3ක් තෙල්, වරාය, විදුලි, විරෝධාතා ව්‍යාපාරයක් කරලා ආණ්ඩුවට ඇනතුරු ඇඟවීමක් කළා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් වගේ වගක් නැහැ. ඉතින් අපි තීන්දුවක් ගත්තා. එළඹෙන දෙසැම්බර් 8 වනදා ලංකා විදුලබල මණ්ඩායේ සමස්ත සේවකයෝ පැය 24ක් ලෙඩ වෙනවා.

එක පැත්තකින් වරාය සේවකයා රොද බැඳගෙන කොටුව දුම්රියපොළ ඉදිරියට දහවල් 12ට එනවා. ලංකා විදුලිබල මණ්ඩලය එදාට ලෙඩ නිවාඩු වාර්තා කරලා දෙසැම්බර් 08 වනදා කොටුව දුම්රියපොළ ඉදිරියට එනවා. ඒ වගේම තෙල් සංස්ථාවේ සේවකයෝ කොටුව දුම්රියපොළ ළඟට එනවා. දැවැන්ත උද්ඝෝෂණයක්.

සේවකයින්ගේ විරෝධය, සේවකයින්ගේ වෛරය, සේවකයින්ගේ අප්‍රසාදය පළ කරන සේවකයින්ගේ පෙත්සම අරගෙන අපි එනවා ජනාධිපති හමුවෙන්න. අපි මේක භාරදීලා කියනවා වරාය, විදුලිබලය, තෙල් රටේ ජනතාවගේ හෘද සාක්ෂිය විකුණන්න එපා කියලා අපි ආණ්ඩුවට බලකරලා කියනවා.”

Related posts

අද විදුලිය කපන හැටි මෙන්න

Mohamed Dilsad

ආනයනය කරන්න එපා බිත්තර අර්බුදය කතාකරලා විසඳගමු – නිෂ්පාදකයෝ

Mohamed Dilsad

නඩු භාණ්ඩ කාමරයේ තිබූ විදේශ මත්පැන් , තේ කහට වෙලා…!

Editor O

Leave a Comment