දේශීය

නිරෝධායන නීති කැඩූ 376 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 78 253 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඒ ඊයේ උදාසන 6 සිට අද උදාසන 6 දක්වා ගතවූ කාලය තුළ තවත් පුද්ගලයින් 376 ක් පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

එම කාලසීමාව තුල පොලිස් භාරයට ගැනුනු වාහන සංඛ්‍යාව 18 ක්.

බස්නාහිර පළාතට ඇතුලුවන පුද්ගලයින් 1310 ක් හා වාහන 853 ක්ද පළාතෙන් පිටවන පුද්ගලයින් 1135 ක් හා වාහන 740 ක් ඊයේ පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණා.

මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති වීම හේතුවෙන් පුද්ගලයින් 225 ක් හා වාහන 109 ක්ද ආපසු හරවා යැවූ බවයි පොලිසිය නිවේදනය කළේ.

Related posts

මෙරටින් හමුවූ ආසාදිතයින් 91,000 ඉක්මවයි

Mohamed Dilsad

කොමිෂන් සභා පහක සාමාජිකයන් පාර්ලිමේන්තු සභාව තහවුරු කරයි

Mohamed Dilsad

නියෝජ්‍ය කතානායක ධුරයට රංජිත් සියඹලාපිටිය පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment