විදෙස්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ‘දුර්ලභ’ භූ කම්පනයක්

(UTV | ඔස්ට්‍රේලියාව)- ගිණිකොනදිග ඔස්ට්‍රේලියාවට බලපෑ මැග්නිටියුඩ් ඒකක 5.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් මෙල්බර්න් නුවර ආශ්‍රිත ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශය භූකම්පනයේ කේන්ද්‍රස්ථානය ලෙස හඳුනා ගෙන ඇති අතර එරට වේලාවෙන් උදෑසන 9:15 ට භූ චලනය සිදුව ඇත.

භූ කම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇති අතර පවසු මැග්නිටියුඩ් ඒකක 4.0 සහ 3.1 ක ප්‍රබලත්වයනේ යුතු පසු කම්පන දෙකක් ද සිදුව තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, භූ චලනයෙන් බරපතළ තුවාල ලැබූවන් පිළිබඳව වාර්තා වී නොමැති බවයි.

Related posts

තෙවන වරටත් චීන ජනපති පුටුව ෂී ජින්පින් ට ?

Mohamed Dilsad

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි.

Editor O

Leave a Comment