විදෙස්

ඉන්දියාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය යළි අරඹයි

(UTV | ඉන්දියාව)- ඉන්දියාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය ලබන මාසයේ යළි අරඹයි.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාව පසුගිය අප්‍රේල් මාසයේ එන්නත් අපනයනය අත්හිටුවීය. එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග නිපදවන එන්නත් මාත්‍රා රටතුළ භාවිතයට යොදා ගැනිම ඊට හේතුවයි.

විශේෂ රාජ්‍ය නායක හමුවකට සහභාගි වීම සදහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඊයෝ වොෂිංටනයට ළගා විය. එක්සත් ජනපදය. ඉන්දියාව.ජපානය හා ඔස්ට්‍රේලියාව යන රටවල රාජ්‍ය නායකයෝ ඊට සහභාගි වෙති.

එන්නත් අපනයනය පිළීබඳව ඉන්දිය අගමැතිවරයා එහිදි කරුණු ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related posts

නවාස් ෂරීෆ්ට ඇප

Mohamed Dilsad

ඉන්දියාව සිය 72 වන නිදහස් දිනය සමරයි

Mohamed Dilsad

මාලි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment