දේශීයව්‍යාපාරික

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර්. කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, සැප්තැම්බර් මස 15 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බවය.

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ වාණිජපති උපාධිය ලබාගෙන ඇති ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබාගෙන තිබේ.

එමෙන් ම, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිවරුන්ගේ සංගමයේ ආදී විද්‍යාර්ථියකු වන ඒ මහතා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙකු ද වේ.

මේ අතර, මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස එහි සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ. දවුලගල මහත්මිය කටයුතු කළාය.

Related posts

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන් අද කොප් කමිටුව හමුවට

Mohamed Dilsad

තේ කෝප්පයක මිල රුපියල් 30න් අඩු වෙයි

Mohamed Dilsad

නව කැබිනට් අමාත්‍යවරුන් රැසක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment