Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 මාර්තු 17 වැනිදා ආරම්භ කර මාර්තු 26වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ,මෙම විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසලේ විදුහල්පති වෙතද පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පුද්ගලික ලිපිනයටද තැපැල් මගින් යොමුකර ඇති බවයි.

ප්‍රවේශපත්‍ර නොලැබුනු අයට මාර්තු 07වැනිදා සිට www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස තම ප්‍රවේශපත්‍රය බාගත කර ගැනිමට පහසුකම් සලසා ඇති බව සඳහන් වේ.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, ප්‍රවේශපත්‍රවල විෂය,මාධ්‍ය හා නාම සංශෝධන කිරීමට අවශ්‍යනම් එය මාර්තු 10වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට සිදුකර ගත යුතු බවයි.

Related posts

රජයේ ගොඩනැගිලි සඳහා කඩිනමින් සූර්ය පැනල

Mohamed Dilsad

வனப் பிரதேசத்தை பாதுகாப்பதற்கு இலங்கை அர்ப்பணிப்புடன் செயற்பட்டு வருகின்றது

Mohamed Dilsad

SriLankan Airlines and Gulf Air ink codeshare agreement

Mohamed Dilsad

Leave a Comment