Trending Newsඑසැන පුවත්දේශීය

අල්-අදාන් මහා විද්‍යාලයේ නැගී එන තරු සම්මාන උළෙල රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන්

ත්‍රිකුණාමලය, කින්නියා අල්-අදාන් මහා විද්‍යාලයේ 2025 වසරේ වාර්ෂික නැගී එන තරු සම්මාන උළෙල, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්වින. එම සම්මාන උළෙල මෙවර සංවිධානය කර තිබුණේ දෙවෙනි වරටයි.

එහිදී විද්‍යාලයේ දක්ෂ සිසු-සිසුවියන් වෙත ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ, එම අවස්ථාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු මුහම්මද්, පක්ෂයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අෂ්රෆ් තහීර්, විද්‍යාලයේ විදුහල්පති අබ්දුල් අසීස් යන මහත්වරු, සිසුදරුවන්, මව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Related posts

අත ද ? හෙලිකොප්ටරය ද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය මෙන්න

Mohamed Dilsad

ICC உலக டெஸ்ட் சாம்பியன்ஷிப் தரவரிசை – முதலிடம் பிடித்த இந்தியா

Mohamed Dilsad

අසත්‍ය ප්‍රකාශ පිලිබඳ ජනපතිගෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment