විදෙස්

ඉන්දියාවට මහ වැසි: මුම්බායි ජලයෙන් යටවෙයි

ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට මහ වැසි ඇද හැලීමත් ගංගා පිටාර ගැලීමත් හේතුවෙන්, මුම්බායි, ගෝව ඇතුළු ප්‍රධාන නගර රැසක් දරුණු ලෙස ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 115 ක් බවත්, 1,50,000 කට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගෝව නගර බලධාරීන්ට අනුව, දක්ෂ ගණනකට පසු නගරයට බලපෑ දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙයයි.
වැඩිම පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වන්නේ මුම්බායි නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

මුම්බායි නුවර සිදුවුණු මරණ 47 කි. ස්ථාන කීපයක හටගත් නායයෑම් හේතුවෙන් 53 දෙනකු මඩ තට්ටු අතරේ සිරවුණු බවත් ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

ඕස්ට්‍රේලියාවේ පුවත් පත් 60 ක පමණ මුද්‍රණය නවතා දමයි

Mohamed Dilsad

එමීර් රාජ්‍යයෙන් පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා හඳුනාගනී

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 8 ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment