විදෙස්

ඉන්දියාවට මහ වැසි: මුම්බායි ජලයෙන් යටවෙයි

ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට මහ වැසි ඇද හැලීමත් ගංගා පිටාර ගැලීමත් හේතුවෙන්, මුම්බායි, ගෝව ඇතුළු ප්‍රධාන නගර රැසක් දරුණු ලෙස ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 115 ක් බවත්, 1,50,000 කට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගෝව නගර බලධාරීන්ට අනුව, දක්ෂ ගණනකට පසු නගරයට බලපෑ දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙයයි.
වැඩිම පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වන්නේ මුම්බායි නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

මුම්බායි නුවර සිදුවුණු මරණ 47 කි. ස්ථාන කීපයක හටගත් නායයෑම් හේතුවෙන් 53 දෙනකු මඩ තට්ටු අතරේ සිරවුණු බවත් ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

ඉන්දීය ගායිකාවකගෙන් එරට මහ ඇමතිවරියකටත් කොරෝනා

Mohamed Dilsad

අවුන්සාන් සුචීව අත්අඩංගුවට ගැනීම ජගත් මහලේකම්වරයා හෙළා දකී

Mohamed Dilsad

ඉන්දියාවේ කර්මාන්තශාලාවක පිපිරීමකින් 6 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment