විදෙස්

ඉන්දියාවේ කර්මාන්තශාලාවක පිපිරීමකින් 6 දෙනෙක් මරුට

(UTV| කොළඹ) – ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කර්මාන්තශාලාවක පිපිරීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

මෙය ගෑස් සිලින්ඩරයක් පිපිරීමකින් සිදු වී  ඇති අතර මහල් දෙකකින් සමන්විත පින්තාරු කර්මාන්තශාලාවක බිම් මහලේ පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමඟ එම කර්මාන්තශාලාවේ ගින්නක් ද හටගෙන ඇත.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 08 ක් පමණ යොදා ඇති අතර ගින්නට මැදි වී සිටි පුද්ගලයින් 15 දෙනෙකු සහ තවත් 08 දෙනෙකු පමණ ගොඩනැගිල්ල තුළ සිරවී සිටින බව වාර්තා වේ.   .

සිද්ධියෙන් කර්මාන්තශාලාවේ හිමිකරු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 9 ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කළ තවත් ඇමෙරිකානු සෙබළු පිරිසක්

Mohamed Dilsad

සිම්බාබ්වේ නව කැබිනට් මණ්ඩලය පත් කරයි

Mohamed Dilsad

Leave a Comment