විදෙස්

ඉන්දියාවේ කර්මාන්තශාලාවක පිපිරීමකින් 6 දෙනෙක් මරුට

(UTV| කොළඹ) – ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කර්මාන්තශාලාවක පිපිරීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

මෙය ගෑස් සිලින්ඩරයක් පිපිරීමකින් සිදු වී  ඇති අතර මහල් දෙකකින් සමන්විත පින්තාරු කර්මාන්තශාලාවක බිම් මහලේ පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමඟ එම කර්මාන්තශාලාවේ ගින්නක් ද හටගෙන ඇත.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 08 ක් පමණ යොදා ඇති අතර ගින්නට මැදි වී සිටි පුද්ගලයින් 15 දෙනෙකු සහ තවත් 08 දෙනෙකු පමණ ගොඩනැගිල්ල තුළ සිරවී සිටින බව වාර්තා වේ.   .

සිද්ධියෙන් කර්මාන්තශාලාවේ හිමිකරු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හමාස් නායකයා ගේ නිවාස වටලයි

Mohamed Dilsad

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයි

Mohamed Dilsad

මගීන් 13ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අතුරුදන් වේ

Mohamed Dilsad

Leave a Comment