විදෙස්

මගීන් 13ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අතුරුදන් වේ

(UTV| ඉන්දියාව) – ඇසැම් ප්‍රාන්තයේ ජොර්හට් නුවරින් අරුනාචල් ප්‍රදේශය වෙත ගමන් ඇරඹූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඒ.එන්. 32 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයන් 13 දෙනෙකු සමඟ එරට ඊසානදිග ප්‍රදේශයේ චීන දේශසීමාව ආසන්නයේදී අතුරුදන් වී තිබෙන බව ඉන්දීය  මාධ්‍ය වාර්තා කරයි.

මෙම යානය ඉන්දීය වේලාවෙන් ඊයේ පස්වරු 1.00 ට පමණ පාලක මැදිරි සමඟ පැවති සම්බන්ධතා බිද වැටුණු බව සදහන් වේ.

බලධාරීන් ප්‍රකාශ කළේ එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සහ මගීන් 5 දෙනෙකු සිටි අතර අතුරුදන් වූ යානය සොයා ප්‍රහාරක ජෙට් යානාවක් ද යොදා ගනිමින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටේ

Mohamed Dilsad

ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ජාතිය එක්සත් කිරීමට ප්‍රතිඥාදෙයි

Mohamed Dilsad

අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණය

Mohamed Dilsad

Leave a Comment