දේශීය

විසඳුම් ලැබෙන තෙක් ගුරු වර්ජනය අඛණ්ඩව

(UTV | කොළඹ) – ගුරුවරුන්ගේ ගැටලු විසදීමට අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍යතාවක් නොමැති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ සිය ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වයක් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවය.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති පසුගිය සදුදා දිනයේ සිට වැඩ වර්ජනයක නිරත වී සිටී.

මේ හේතුවෙන් බොහෝ පාසල් ළමුන්ගේ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු නතර වී තිබේ.

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාර ලබාදෙන තුරු සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි.

Related posts

සති අන්තයේ දුම්රිය ධාවනය[RELEASE]

Mohamed Dilsad

අර්ජුන මහේන්ද්‍රන් ගැන වාර්තාව අද හෝ හෙට

Mohamed Dilsad

පාසල් අතර ඇති නැති පරතරය නැති කරනවා – අගමැති හරිනි අමරසූරිය

Editor O

Leave a Comment