විදෙස්

කැනඩාව, ඉන්දියානු සහ පාකිස්තාන ගුවන් ගමන් නවතයි

(UTV | කැනඩාව) – කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණෙන ගුවන් ගමන් දින 30 ක කාලයක් සඳහා අත්හිටුවීමට කැනඩාව තීරණය කර ඇත.

එරට ප්‍රවාහන අමාත්‍ය ඕමාර් අල් ගබ්රා ප්‍රකාශ කළේ එම තහනම ඊයේ සන්ධ්‍යාවේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද දෙවන දිනටත් තුන්ලක්ෂය ඉක්මවූ අතර, මරණ සංඛ්‍යාව ද 2200 කට අධිකයි.

පාකිස්තානයේ ද කොරෝනා ව්‍යාප්තිය මේ වන විට ඉහළ ගොස් ඇති අතර ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 5857 ක්.

 

Related posts

සවුදියෙන් ඉරානයට අනතුරු ඇගවීම්

Mohamed Dilsad

පිලිපීනයේ භූ කම්පනයෙන් 16 දෙනෙක් මරුට

Mohamed Dilsad

රිෂාබ් පාන්ට්ගේ රිය අනතුරේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් වෙයි (VIDEO)

Mohamed Dilsad

Leave a Comment