ගොසිප්

රහස් පොලිසියට කැඳවූ හරීන් රෝහල් ගතවෙයි [PHOTOS]

(UTV | කොළඹ) –  කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ එහි ගියේය.  

හරීන් ප්‍රනාන්දු මහතාට අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරු පවසා සිටියේ ඔහුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගිය 21දා පාර්ලිමේන්තුවේ දී පැවැති ගැටුම්කාරී තත්ත්වයට ද මැදිවූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කතානායකවරයා විසින් කමිටුවක් ද පත්කරනු ලැබීය.

 

Related posts

රූපවාහිනී නාලිකාවක සේවකයින් පිරිසක් PCR පරීක්ෂාවට

Mohamed Dilsad

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට වගකියන්න ඕනේ සංගයි මහේලයි

Mohamed Dilsad

මේ ප්‍රශ්ණයට මාව සම්බන්ධ කර ගැනීමෙන් ජාතියේ ප්‍රතිරූපයට තවත් හානියක් වෙනවා

Mohamed Dilsad

Leave a Comment