ගොසිප්

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට වගකියන්න ඕනේ සංගයි මහේලයි

(UTV | කොළඹ) – වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

“ඒගොල්ලෝ ඊලග පරම්පරාව හැදුවේ නෑ. කතාකර කර ඉන්නවා විතරයි. වගකීමක් ගන්නේ නෑ” යනුවෙන් ද අර්ජුන රණතුංග මහතා කියා සිටියි.

මට දුන්නොත් මගේ ටීම් එකක් එක්ක අවුරුදු දෙකකින් ක්‍රිකට් හදලා පෙන්නනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අමතරව , ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස තමන් පත් කෙරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.

රටේ ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස තමන් දිගටම කටයුතු කරන බව මෙහිදී මහේල ජයවර්ධන කියා සිටියි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යංශයට අනුව අසන්ත ද මෙල්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුරට මේ දක්වා කිසිදු නමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යෝජනා කොට නොමැති බවට වාර්තා වෙයි.

 

Related posts

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

Mohamed Dilsad

අලුත් පක්ෂයකට සියලු කටයුතු සූදානම් බව වෙල්ගම කියයි

Mohamed Dilsad

“සෙල්ෆිවලට මාස්ක් ගලවන්න වුණා, ඒත් මෙන්න මට කොරෝනා හැදිලා..”

Mohamed Dilsad

Leave a Comment