විදෙස්

ප්‍රංශයේ දේශසීමා යළිත් වැසෙයි

(UTV | ප්‍රංශය) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යද්දී ප්‍රංශයේ සියලු දේශසීමාවන් යළි වසා දමන බව එරට අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටැක්ස් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව හෙට සිට යුරෝපා සංගමයෙන් පිටස්තර රටවලින් ප්‍රංශයට ඇතුළුවීම තහනම් වන අතර, යුරෝපා සංගමයෙන් පැමිණෙන අයගේ පරීක්ෂාවන්ද දැඩි කෙරෙයි.

රට වසා දැමීමට අදහසක් නොමැති නමුත්, ඇඳිරි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

පසුගිය කාලය තුළද විවිධ සීමාවන් ක්‍රියාත්මක වූවත්, ප්‍රංශයේ කොරෝනා ආසාදිතයින් සහ මරණ තවදුරටත් ඉහළ යමින් පවතියි.

 

Related posts

James Bond නළු රොජර් මුවර්

Mohamed Dilsad

අමෙරිකාවේ ණය සීමාව ඉහළට

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ගංවතුරින් පුද්ගලයන් 73 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment