විදෙස්

රිෂාබ් පාන්ට්ගේ රිය අනතුරේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් වෙයි (VIDEO)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රිෂාබ් පාන්ට් රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ඇති අතර එම අනතුරෙහි දර්ශන මාධ්‍ය වෙත නිකුත්වී තිබෙනවා.

 

25 හැවිරිදි ඔහු රූර්කි හි පිහිටි ඔහුගේ නිවසේ සිට නවදිල්ලිය දක්වා ධාවනය කරමින් සිටියදී අලුයම 5:15 ට පමණ ඔහුගේ වාහනය මාර්ග වෙන් කරන ස්ථානයක ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

 

ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ පැන්ට්ගේ මෝටර් රථය ගිනිගෙන ඇති නමුත් ඔහුගේ හිසට, පිටුපසට සහ පාදවලට තුවාල වුවද ඔහුට වාහනයෙන් ඉවත්වීමට හැකිවූ බවයි.

 

ඔහුගේ තුවාලවල ප්‍රමාණය තීරණය කිරීම සඳහා MRI ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

 

 

Related posts

ලැව් ගින්නෙන් නිවාස 30 ක් විනාශයට

Mohamed Dilsad

හොංකොං විරෝධතාවට කැරී ලෑම් හිස නමයි

Mohamed Dilsad

චීනයට තවත් වෛරසයකින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment