විදෙස්

ලැව් ගින්නෙන් නිවාස 30 ක් විනාශයට

(UTV| කොළඹ) – ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් නිවාස 30 ක් පමණ විනාශ වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉන් කිසිදු පුද්ගලකුට හානි වි නොමැති බවයි.

පසුගිය මාසයේ මෙම ප්‍රාන්තයට බලපා ඇති නියගයත් සමග ස්ථාන කිහිපයක ලැව්ගිනි හටගෙන ඇති අතර හෙක්ටයාර ලක්ෂයකට අධික භූමි ප්‍රමාණයක් මේ වන විට ලැව්ගිනිවලින් දැවී විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් ක‍රයි.

එරට ගිනි නිවීම් අංශ පවසන්නේ ගින්න පාලනයට හෙලිකොප්ටර් යානා කිහිපයක් යොදවා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැරී සහ මෙගන්ගේ විවාහය අදයි

Mohamed Dilsad

චීන නායකයෙකු වසර 14 කට පසු උතුරු කොරියාවේ සංචාරයක

Mohamed Dilsad

මාලි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment