විදෙස්

සූවස් ඇල හරහා සිරවී ඇති නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

(UTV | ඊජිප්තුව) – ඊජිප්තුව ආසන්නයේදී සූවස් ඇල හරහා සිරවී ඇති දැවැන්ත නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.   

තායිවාන සමාගමකට අයත් එවර් ගිවන් නම් මෙම නෞකාව පාපන්දු ක්‍රීඩාංගණ 04 ක පමණ දිගකින් සමන්විතයි.

පැනමා ධජය සහිත එවර් ගිවන් නෞකාව ටොන් දෙලක්ෂ 24 දහසක පමණ බරකින් සමන්විතයි.

මේ වනවිටත් නෞකා සිය ගණනක් සූවස් ඇළ හරහා ගමන් කිරීමට නොහැකිව සිර වී තිබෙන බව සඳහන් වෙයි.

ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන මෙය අවහිර වීම නිසා ඉන්ධන ඇතුළු භාණ්ඩ ප්‍රවාහන නෞකා රැසකට තම ගමනාන්ත වෙත ළඟාවීමට බාධා මතු විය.

මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

දැඩි සුළඟ සහ වැලි කුණාටු තත්ත්වය හේතුවෙන් සිර වූ නෞකාව යළි ඇළ මාර්ගය මධ්‍යයට ගෙන ඒම ප්‍රමාද වී ඇත.

 

Related posts

උතුරු කොරියාව යළි බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

දූෂණ චෝදනා මත නවාස් ෂරීෆ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර උණුසුම් මුහුණුවරක්

Mohamed Dilsad

Leave a Comment