දේශීය

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට

(UTV| කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (23) දිවයිනට පැමිණීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේ පස්වරු 04.15 ට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ධූත පිරිස රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිත බවයි.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි / වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඩ් / විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඩ් සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉම්රාන් ඛාන් මහතා පිළිගැනීමට නියමිත අතර හමුදා උත්තමාචාරයක්ද සංවිධාන කර ඇත.

සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේම අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබේ.

සිය ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉම්රාන් ඛාන් මහතා හෙට පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යනු ඇති.

 

Related posts

මහනුවරදී අද (10) ඇරඹෙන 20-20 තරඟය ගැන චරිත් අසලංකගෙන් ප්‍රකාශයක්

Editor O

UPDATE: හම්බන්තොට නගරාධිපතිට ඇප

Mohamed Dilsad

කතානායක නිල නිවස භාවිතය පිළිබඳ තොරතුරු පනතින් තොරතුරු ඉල්ලයි.

Editor O

Leave a Comment