දේශීය

දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නවතී

(UTV | කොළඹ) – ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනයේදී සිදුවන බව කියන අක්‍රමිකතාවලට විරෝධය දක්වමින් දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුලු වෘත්තීය සමිති 19 ක් මෙම වර්ජනය සැළසුම් කර තිබුණි.

කෙසේවෙතත් අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.30 ට ප්‍රවාහන අමාත්‍යාංශයේදි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් විසඳුමක් නොලැබුනහොත් වර්ජනයකට අවතීර්ණවීමේ වැඩි ඉඩකඩක් පවතින බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසයි.

 

 

 

Related posts

හේෂා ගේ චෝදනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Mohamed Dilsad

විදුලි සේවකයන් 25,000 ක් කොළඹට

Mohamed Dilsad

රට තුළ සිදුවූ අපරාධ සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අනාවරණයක්

Editor O

Leave a Comment